අපේ උරුමයේ ආරක්ෂකයන් වන්න.
අපේ උරුමයේ ආරක්ෂකයන් වන්න.
ජූලි 7 දිනට යෙදී තිබුණු ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ 132 වෙනි සංවත්සරය නිමිත්තෙන් ‘Be The Guardians of Our Heritage’ යන මැයින් Ceylon Today පුවත්පතේ පළ වූ ඉංග්‍රීසි ලිපියේ සිංහල පරිවර්තනය.
ජූලි 7 වැනිදා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ (පු.වි.දෙ.) 132 වැනි සංවත්සරය සහ ජාතික පුරාවිද්‍යා දිනය සමරන ලදී.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කාර්යක්‍ෂම රාජ්‍ය සේවකයන්, දක්ෂ වෘත්තිකයන් සහ උද්‍යෝගිමත් නායකයන්ගේ සාඩම්බර උරුමයක් ඇති ආයතනයකි. එය දශක 13 ක් පුරා ශ්‍රී ලංකාවේ ස්පර්ෂිත උරුමයන් ආරක්ෂා කිරීමේ සහ සංරක්ෂණය කිරීමේ පුරෝගාමී ආයතනයයි.
කෙසේ වෙතත්, අප එහි 132 වැනි සංවත්සරය සමරන මොහොත වන විට, පු.වි.දෙ. තවමත් එහි දැක්මට සහ මෙහෙවරට අනුගතව සිටීම ගැන සතුටු විය හැකිද, නැතහොත් අපගේ සංස්කෘතික උරුමයේ ආරක්ෂකයා වීමට අසමත් වී තිබේද යන්න පිළිබඳව සැකයක් පවතී.
එය ඍජු හා නිපුණ නායකත්වයක් නොමැතිව තම අරමුණුවලින් බැහැරව ඔහේ ගමන් කරන තවත් එක් රජයේ ආයතනයක් බවට පත්ව තිබේද?
ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් (අ.ජ.) තනතුර හෝ කලින් පුරාවිද්‍යා කොමසාරිස් තනතුර ලෙස හැඳින්වූ මෙම තනතුර වූ කලී, ශ්‍රී ලංකාවේ ඉහළම බලතල ඇති රාජ්‍ය සිවිල් තනතුරුවලින් එකකි. එය දැනට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතා අනුපිළිවෙලෙහි 19 වැනි ස්ථානයේ පවතී.
හිටපු කොමසාරිස්වරුන් සහ අධ්‍යක්ෂ ජනරාල්වරුන් තම ඉහළ ප්‍රමිතීන් පවත්වා ගනිමින් කටුයුතු සිදු කළ අතර, අපගේ බලාපොරොත්තු සුන් නොකරන්නට සමත් විය.
ඔවුහු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අසමත් ආයතනයක් බවට කිසිදිනෙක පත් නොකිරීමට වගබලා ගත්හ.
ශ්‍රී ලංකාවේ ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස්වරයා වූයේ මහාචාර්‍ය සෙනරත් පරණවිතාන මහතාය. ඔහුට පෙර එම තනතුර දැරුවේ බ්‍රිතාන්‍ය පුරාවිද්‍යාඥයන් විසිනි.
මහාචාර්‍ය පරණවිතාන අනුව ගිය බොහෝ දෙනා අතර, ආචාර්‍ය රෝලන්ඩ් සිල්වා, සහ ආචාර්‍ය එස්.යූ. දැරණියගල යනු එම තනතුරට තවදුරටත් විශිෂ්ටත්වය එක් කළ, රටට සැබෑ ලෙසම සේවය කළ දැවැන්තයන් දෙදෙනෙකි.
1884 (S.M. Burrows) සිට 2017 දක්වා (Dr. Senerath Dissanayake) එම තනතුර දැරූ අය ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය ආරක්ෂා කිරීමට උපරිමයෙන් කටයුතු කර ඇත.
කෙසේ වෙතත්, රටේ පවතින දූෂිත දේශපාලන ක්‍රමය පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් තනතුර නොසලකා හැරියේ නැත.
පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ධූරයෙන් පිදුම් ලැබීමට සුදුසු, නිසි අධ්‍යාපන සහ වෘතිය සුදුසුකම් ලත්, දක්ෂ, උද්‍යෝගිමත් පුරාවිද්‍යාඥයන් රට තුළ සිටියද දේශපාලන ඇඟිලි ගැසීම් හරහා නුසුදුස්සන් ඉහළ තනතුරුවලට පත් කොට ඇත.
වත්මන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු මෑතකාලීන බොහෝ පත්වීම් දේශපාලන පත්වීම් බවට හරහා, නුසුදුස්සන් තනතුරු වල ඉඳුවා, සුදුස්සන් බැහැර කොට ඇතැයි චෝදනා එල්ල වේ.
132 වෙනි ජාතික පුරාවිද්‍යා දිනය සමරමින්…
මෙම වසරේ, පු.වි.දෙ. විසින් ජාතික පුරාවිද්‍යා දිනය සහ දෙපාර්තමේන්තුවේ 132 වෙනි සංවත්සරය සැමරීම සඳහා උත්සව සහ සැමරීම් මාලාවක් සංවිධානය කර ඇත.
ඒ අතර, ක්‍රිකට් තරඟාවලියක්, ලේ පරිත්‍යාග කිරීමක්, මාර්ගගත දේශන මාලාවක්, යනාදිය වේ.
මෙය ප්‍රමාණවත්ද? මේවා ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය ආරක්ෂා කරයිද?
අපේ සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීමට ජාතික ප්‍රතිපත්තියක් තවමත් අපට නැත. අවශ්‍ය වූ අවස්ථා වලදී විට පුරාවස්තු ආඥාපනත පැනවීමට අපි උදාසීන වෙමු.
තවමත්, බොහෝ දෙනෙකුට, අපගේ සංස්කෘතික උරුමයන් යනු හුදෙක් මළ අතීතයක නටබුන් පමණි. අපි අපේ ඉපැරණි ස්තූප හාරා, ඒවායේ තැන්පත් ධාතු එළියට ගෙන කෞතුකාගාර තුළ තැන්පත් කරන්නෙමු. ඉන්පසුව කෞතුකාගාරවලදී ඒවා සොරකම් කිරීම හෝ අස්ථානගත කිරීම සිදු වේ.
අපේ උරුමයේ සැබෑ භාරකරුවන් කවුද? උරුම ස්ථානයක් හෝ ස්මාරකයක් හෝ සතු වටිනාකම් මොනවාද? අපි මේවා ගැන විවෘත කතිකාවක් ඇති කර අපේ උරුම අංශය යාවත්කාලීන කළ යුතුයි.
තවමත්, බොහෝ දෙනෙකුට පුරාවිද්‍යාව ‘ධනවත් මිනිසාගේ විනෝදාංශය’ (Rich man’s hobby); එබැවින් වනාන්තර සහ නටබුන් ගවේෂණය කිරීම, අප බොහෝ දෙනා විසින් පුරාවිද්‍යාව ලෙස සලකනු ලැබේ.
යටත් විජිත චින්තනයට ස්තූතිවන්ත වන්නට, අපි තවමත් අපගේ ආගමික හා සංස්කෘතික ස්ථානවල ‘පෞරාණික’ වටිනාකම ප්‍රමුඛතාතම වටිනාකම ලෙස දකින අතර බොහෝ දුරට ආගමික, සංස්කෘතික, ඓතිහාසික, සෞන්දර්යාත්මක සහ පාරිසරික වටිනාකම් නොසලකා හරිමින් සිටිමු.
තවමත්, අපගේ උරුම අංශය සහ පුරාවිද්‍යා අධ්‍යාපනය යටත් විජිතවාදී චින්තනයෙන්, යටත් විජිත නීතිවලින් සහ යල් පැන ගිය ප්‍රතිපත්තිවලින් අඳුරු වී ඇත.
අපගේ උරුම අංශය යටත් විජිතකරණයෙන් ඉවත් කිරීමට අප සූදානම් වන්නේ කවදාද?
අපි තවමත් ‘යටත් විජිත පුරාවිද්‍යා වික්‍රමාන්විතයන්’ විශ්වාස කරන බැවින් උරුම අංශයේ මංපෙත් සැමට විවර කර නැත. අපගේ උරුමය, ‘ජීවමාන උරුමයක්’ සහ මහජනතාවට අයත් බහු-විනය විෂයක් වුවද, පුරාවිද්‍යා විෂය තුළ කුහකත්වයෙන් පිරි ඒකාධිකාරයක් මෙන්ම යම් යම් සීමා කිරීම්, සහ අදාළ වරප්‍රසාද සහ ප්‍රතිලාභ භුක්ති විඳීම වෘත්තිකයන් කිහිප දෙනෙකුට පමණක් සීමා කොට ඇත.
සති කිහිපයකට පෙර මුලතිව් කුරුන්දී විහාරස්ථානයේ පුරාවිද්‍යා සහ ආගමික කටයුතු දෙමළ ජාතික සන්ධානය (TNA) නියෝජනය කරන පිරිසක් විසින් කඩාකප්පල්කාරී ලෙස නවතා දමන ලදී. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පුරාවිද්‍යා කටයුතු පිළිබඳව සිය කිඹුල් කඳුළු හෙළුවා ය. එහෙත්, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මේ සමස්ත සිදුවීම ගැනම අනුගමනය කරන්නේ දැඩි බියසුලු ප්‍රතිපත්තියකි.
මුලතිව් කුරුන්දී විහාරය ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපර්තමෙන්තුව යටතට අයත් වන්නේ නැද්ද?
ශ්‍රී ලංකා පුරාවිද්‍යා සතිය සහ සංවත්සරය නිමිති කර ගෙන ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කිරීමෙන් අපේ උරුම ක්ෂේත්‍රයේ තිබෙන මේ ප්‍රශ්න සියල්ල විසඳෙයිද?
ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හි අඳුරුතම කළු පැල්ලම වන්නේ දැලිවල ධාතුන්වහන්සේලා මංකොල්ලය වන අතර එය තවමත් නොවිසඳී ඇති අතර එය නොසලකා හරිනු ලැබේ.
මෙම අභිරහස විසඳීමට සහ වටිනා, මිල කළ නොහැකි සොරකම් කරන ලද වස්තූන් සොයා ගැනීමට අධ්‍යක්ෂ ජනරාල් ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද? එය පු.වි.දෙ. හි අභිමානවත් වසර 132 ට විශාල අවමානයකි.
සෑම දිනකම පුරාවස්තු විනාශ කිරීම් සහ පුරාවස්තු මංකොල්ලකෑම් සිදුවීමක් හෝ දෙකක් වාර්තා වන බැවින්, මෙවන් අඩුපාඩු ලැයිස්තුගත කිරීම දිගු හා කිසිදා අවසන් නොවන ලැයිස්තුවක් වනු ඇත. ප්‍රසිද්ධියේ කතා නොකළද, නීතිවිරෝධී පුරාවස්තු ජාවාරම ශ්‍රී ලංකාව තුළ වර්ධනය වෙමින් පවතින අතර එමඟින් රටේ සංස්කෘතික උරුමයට තර්ජන සහ හානියක් සිදු වේ.
අපේ සංස්කෘතික උරුමයන් ආරක්ෂා කර ගැනීම සඳහා ශක්තිමත් ජාතික ප්‍රතිපත්තියක් තිබේ නම් සහ නීතිය ක්‍රියාත්මක කළහොත් මේ බොහෝ ප්‍රශ්න විසඳා ගත හැකිය. කෙසේ වෙතත්, අපි ක්‍රිකට් ක්‍රීඩා උත්සව, මාර්ගගත දේශාන සහ ලේ පරිත්‍යාග කිරීම් මගින් පමණක් එම දිනය සමරමු.
විශ්ව විද්‍යාල සහ අනෙකුත් පර්යේෂණ ආයතන විසින් දේශන, සම්මන්ත්‍රණ සහ වෙනත් අධ්‍යාපන සහ පර්යේෂණ සංසද විශාල ප්‍රමාණයක් පවත්වනු ලබන අතර, තත්ත්වය එසේ හෙයින්, පු.වි.දෙ. ත් එසේ කළ යුතුද යන්න ගැටලුවකි. විශ්වවිද්‍යාල සහ පර්යේෂණ ආයතන මගින් සිදු කළ යුතු කටයුතු සදහා පු.වි.දෙ. තම කාලය, මුදල්, බලය සහ වෙනත් සම්පත් කැප කළ යුතුද යන්න පිළිබවද අපි විමසිලිමත් වෙමු. එම මුදල්, කාලය සහ සම්පත් රටේ සංස්කෘතික උරුමයන් සංරක්ෂණය කිරීම වෙනුවන් යෙදවීම වඩා ඵලදායී නොවනු ඇතිද?
අපගේ සංස්කෘතික උරුමයන් සුරැකීමට සහ අපගේ උරුමයේ භාරකරුවන් වීමේ වගකීම භාර ගැනීමටත්, ඒ වෙනුවෙන් අතවශ්‍ය ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට පු.වි.දෙ. තීරණය කරන්නේ කවදාද?
මෙහිදී අපි, දෙපාර්තමේන්තුවේ 132 වෙනි සංවත්සරය සමරමින් ක්‍රිකට් ක්‍රීඩා කිරීම හෙළා දකිනවා නොවේ. අප දැනුවත් ලෙස, එච්.සී.පී. බෙල් ද ක්‍රිකට් ක්‍රීඩාවට ඇලුම් කළ අතර ඔහු ශ්‍රී ලංකාවේ සිටි කාලයේ ක්‍රිකට් ක්‍රීඩා කර ඇත.
කෙසේ වෙතත්, පු.වි.දෙ. හි සැබෑ වගකීම් සහ යුතුකම් මෙන්ම කීර්තිමත් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් තනතුරද නොසලකා හැරීමේ බරපතලකම අවබෝධ කර ගැනීම ඉතා වැදගත් වේ.
එසේම, බෙල් ඔහුගේ කාලයේ ශ්‍රී මහා බෝධිය සහ රුවන්වැලිසෑය අතර දකුණු පස ඇති ඉඩම ක්‍රිකට් ක්‍රීඩා කිරීම සඳහා එළිපෙහෙළි කළ බව සඳහන් කළ යුතුය.
ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා කටයුතු අතර අතිශයින් මතභේදයට මෙන්ම තවමත් ස්වදේශිකයන් අතර අප්‍රසාදයට පත් අයෙකු ලෙස, බෙල් ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාවට සැලකිය යුතු හානියක් සිදු කළ බව ප්‍රසිද්ධ විය. එමනිසා, සංවත්සරය සැමරීමේදී, ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව බෙල්ගේ අඩිපාරේ ගමන් කිරීම හොඳ අදහසක් නොවිය හැකිය.
අභිමානවත් ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ132 සංවත්සරයේදී සහ ජාතික පුරාවිද්‍යා දිනයේ දී, පු.වි.දෙ. හට එහි නැති වී ඇත ගෞරවය ප්‍රතිෂ්ඨාපනය කිරීමට හැකි වේවා යැයි අපි ප්‍රාර්ථනා කරමු.
අමා එච් වන්නිආරච්චි විසිනි.
මුල් ලිපිය
https://ceylontoday.lk/2022/07/09/be-the-guardians-of-our-heritage/
Uncategorized, Ama H.Vanniarachchy, Sri Lankan archaeology
All Categories
- Adventure
- Ama Vanniarachchy
- Ancient Technology
- Archaeological Books and Reviews
- Archaeological Survey
- Archaeologists
- Archaeology
- Bibliography
- Big Smile Voyages
- Chryshane Mendis
- City Tours
- Colonial Heritage
- Epigraphy
- Event
- Excavation
- Exploration
- Field Archaeology
- Historian
- Historical Places
- Historical Sri Lankan Maps
- Honeymoon
- Inscriptions
- Interviews
- Life Style
- Maritime Archaeology
- News
- Prehistory
- Sri Lanka Archaeological History
- Uncategorized
- Wild Camping